Sunday, January 22, 2012

නෙලුම් නොපිපෙන නෙලුම් පොකුණ

ආනන්ද කුමාරස්වාමි මාවත දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ නෙලුම් පොකුණ මාවතය. ඒ මාව‍තෙන් නෙලුම් පොකුණට යා හැකිය.නෙලුම් පොකු‍ණේ විශාල රගහලකි.
චීන අධාර මත ඉදි වු දකුණු ආසියාවේ විශාලතම රගහල මෙය බවත් සදහන්ව ඇත.හිතෝන්මාදය රජයන කලක ලංකාවේ තවත් විශාල 
ගොඩනැගිල්ලක් ඉදිව ඇත.
   වත්මන් දේශපාලන මොහොත තුල ජීවිත පවා joke වී ඇති සන්දර්භයක කලාව වියුක්ත අධ්‍යයනයක යෙදෙන්නේ නම් එයත් joke බව වටහා ගත හැකිය. 
මන්දයත් පවතින සාමාජ අර්ථික දේහය සමාජගත වන්නේ එය සමාජයට සාමාන්‍යකරණය කර ඇති කලාව තුලින් විමය. චිත්‍රපට, කෙටි චිත්‍රපට, නාට්‍යය, කෙටි නාට්‍යය,
සංගිතය, නර්තනය, වීදි නාට්‍යය, වෙදිකා නාට්‍යය මේ හැම එකකින්ම වත්මන් සාමාජ දේහය ප්‍රශ්න කිරීමකින් තොරව සමාජයට අනුගත කරයි. එය ජනතාවට ඔවුන්ගේ
සිතුම් පැතුම්වලට, දහසක් දුක් දෝමස්වලට බද්ධා කරයි.
නව ලිබරල් ධනවාදය තුල ගතකරන මිනිසා මේ සමාජයේ තම ජීවිත උගසට තබා, නැතිනම් වාරික වලට කඩා ජීවත් වේ. ඔවුන්ට දින 30ක් යනු මාසයක් නොව වාරිකයකි.
ඔවුන්ගේසෑම ශ්‍රම පැයක්ම ඔවුන් වෙන්කරනුයේ තෘප්තිය සදහා නොව වාරිකය ගෙවා දැමිම සදහාමය. 8-5 වැඩ කරන ජීවිත සවස් කල නිවෙස්වලට කඩා වදින්නේ
හෙට එලිනොවෙනවානම් කොපමණ හොදදැයි කල්පනා කරමිනි. ඒ අතර ඔවුන්ට පුංචි තිරයේ පෙන්වන විකාර බැලිමට වෙලාවක් නැත. සිනමා ශාලවක පෙන්වන දකුණු
 ආසියාවේ හොදම අධ්‍යකෂණය වෙනුවෙන් උපහාර ලද සිනමා කෘතියක් බැලිමට වෙලාවක් නැත, ඒකා-අධිපති, බකමූණා වීදි බසි, බල්ලොත්එක්ක බෑ මේ එකක්වත්
බැලිමට වෙලාවක් නැත. ඉතින් ඔවුන් අතට අහුවන දේ විචාරයකින් තොරව බලනවා විනා සිනමා කෘතියක් නොමැතිනම් කලා කෘතියක් බලා පෙහේලිකා විසදිමට 
අකමැතිය ඔවුන්ට අවශ්‍ය තෘප්තිය පමණක්ය. ඒ නිසා මෙකල joke කථා වෙන්ම  joke නලුවන්ද වඩා ජනප්‍රියතාවයකට පත්ව ඇත.
ඉතින් වත්මන් ධනවාදය මිනිස් ජීවිත සමග යකා නටන තත්වයක නෙලුම් පොකුණ ඉදිවුවාට මිනිස් ජීවිත තුල නෙලුම් පිපේද? අඩුම තරමේ විවෘතය සදහා ආරාධනා ලත් කලා
කරැවන්ටවත් එහි නාට්‍යයක් පෙන්විම සරල නැත. වේදිකාව තුලින් ජනතාව ඈත්කර හමාරය, කලාවෙන් ජනතාව ඈත්කර හමාරය. ජනතාව වෙනුවෙන් කලාව ප්‍රතිනිර්මාණය වන 
දවසක වේදිකාව තුලින් ජනතාව පරිකල්පනය කරන දවසක යලිත් සිනමා ශාලා පමණක් නොව රංග පීඨයන්ද ජනතාවගෙන් පිරියනු ඇත. ඔවුන් ඒ දවසේ කලාව තමන්ගේ කර ගනිවි
කලා කරැවා තමන්ගේ මාර්ගෝපාද්ශකයා, ගුරැවරයා බවට පත්කර ගනිවි. එතෙක් රංග පීඨයන් පමණක් නොව නෙලුම් පොකුණද ඉස්ගෙඩියන් ගෙම්බන් ලගින මඩ ගොහුරක්
වන්නේමය.

3 comments:

  1. බොරු පුරාජේරුවට හා මහන්තත්තකම පෙන්වීමටත්. තමන්ගේ නම හැම ගහක් ගලක් ගානේ ගසා ගැනීමට ඇති බොළඳ ආසාවත් නිසා, මෝඩ රජා ලෝකෙට ණයවෙන මේ බිලියන් ගණන් මුදල් ගෙවන්න වෙන්නේ දැනට ඉපදිලාවත් නැති අනාගත පරපුරේ අහිංසකයන්ට නේද?

    ReplyDelete
  2. නාට්‍යයක් රිහර්සල් කරගන්ඩ පොඩි තැනක් අටෝල දෙන්ඩ තරංවත් ඕනෙකමක් නැති මුං........
    ලෝකෙට පරකාසෙ-ගෙදරට මරගාතෙ කියන්නෙ ඕවට

    ReplyDelete
  3. මේත් ඒ ගැනම තමා

    http://maathalan.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete