Friday, January 20, 2012

13 + ( Thirteen Plus)

සියල්ල සුදානම්ය.මාධ්‍ය ප්‍රකශයද අවසන්ය. බොහෝ දුරට හෙට අනිද්දා වන විට ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත්වීමට ඉඩ ඇත.
ඉන්දියානු විදේශ අමාත්‍ය  S.M ක්‍රිෂ්ණා දේශප්‍රේමි මහින්ද රාජපක්ෂ 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදිමකට
දේශපාලන විසදුමකට සූදානම් බව, එකග වූ බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශකයින් අනාවරණය කෙරිනි. එහි අනෙක් පුටුවෙ මෙරට විදේශ
අමාත්‍ය  G.L පීරිස් ද සිටියේය.
අප සියලුම දෙනා දන්නා ආකාරයට ලෝකයේ සෑම රටකටම අවශ්‍ය වන්නේ ආර්ථිකමය අතින් දියුණු වීමටය. එහෙයින් ඔවුන් ලෝකයේ
තමන්ට රිසි වෙළදෙපොල සොයා සැරිසරන්නීය.ඉන්දියාව ද ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් ලෙස තමන්ගේ වෙළදෙපොල සොයන ගමනේ
ලංකාව අභිමුඛ වන්නේ ඉතා වටිනා භූමියක් පරිද්දෙනි. දැනටමත් ලංකාවේ වෙළදපොලින් මොටර් සයිකල්,ත්‍රීවීල්,බස්,බෙහෙත්,ඇදුම්,
මාල ඒ වගේම නාට්‍ය,චිත්‍රපටි,රියලිටි ෂෝ මේ ආදි එකී නොකී බහුතරයක් මෙරටට එන්නේ ඉන්දියාවෙනි. එ නිසා ඔවුන්ට අවශ්‍ය ආර්ථිකමය
වෙළදෙපොල ඔවුන් ආක්‍රමණය කොට හමාරය. ආර්ථික ආධිපත්‍යය පමණක් නොව දේශපාලන ආධිපත්‍යය ද ලබා ගැනිම ඉන්දියාවේ කලක
සිට උපාය මාර්ගික අවශ්‍යතාවයකි.එ අනුව ඔවුන්ට අවම වශයෙන් උතුර හා නැගෙනහිර පළාත්වල ප්‍රාන්ත බලයක් හරහා ඔවුන්ට රිසි පාලනයක්
නිර්මාණය කර ගත යුතුය. මන්ද දැනටමත් උතුර හා නැගෙනහිර පළත්වල සම්පත් වැඩි ප්‍රමාණයක් ඔවුන් නතු කරගෙන හමාරය.මන්නාරම් ද්‍රෝණියේ
තෙල් සම්පත,ත්‍රීමලේ වරාය,තෙල් ටැංකි,විශේෂ ආර්ථික කලාපය, පුල්මුඩේ,සාම්පූර් ජැටිය,කන්කසන්තුරෙ සිමෙන්ති කම්හල හා යාපනය පුස්තකාලය,
රෝහල, විශ්වවිද්්‍යලය හා මර්ග පද්ධතිය නවීකරණය හා නඩත්තුව, ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට මෙරටට එලන විදුලි කේබලය ආදි මේ සියල්ලම
ඔවුන් නතු කර ගෙන හමාරය.එහෙයින් ඉන්දියාවට උතුර හා නැගෙනහිර තීරණාත්මකය. දේශපාලන ආධිපත්‍යය උදෙසා මේ පළාත් කඩා වෙන්කර
ගැනිමට කලක පටන් උත්සහ දැරීය. එහි ප්‍රතිඵල දැන් අද හෙටම දැක බලා ගත හැකියි.
                                                                                              අප රටේ ජාතික ප්‍රශ්ණය තවමත් අවසන් වී නැත( එය L.T.T.E ප්‍රශ්ණය නොවේ)
එහි ප්‍රතිඵලයක් ලෙස බෙදුවාදි ත්‍රස්ථවාදයක් දශක තුනකට අධික කාලයක් පැවතුනි. තවමත් නොවිසිදුණු ජාතික ප්‍රශ්ණය සදහා ඉක්මන් විසදුමක් අවැසිය
එය සිංහල ජාතිකත්වය දෙමල ජාතිකත්වය  වෙන්ව යන හෝ වෙන් කරන විසදුමක් නොවිය යුතුය.එමෙන්ම අප රටේ සියලු ජාතිකත්වයන්ට එකට සිටිය
හැකි විසදුමක්ද විය යුතුය.ඒ සදහා ලාංකිකයන් වන අපට උවමනාවක් කැක්කුමක් වෙන රටක එකෙකුට වඩා තිබිය යුතුමය. අප සියලු දෙනා එක්ව  අපට
අවශ්‍ය දේශපාලන විසදුමකට යනවා වින එක එකාගේ අවශ්‍යතාවයට එක එකාගේ බලයේ රැදිමේ උවමනාවට විසදුම් සෙවිය යුතු නැත.


අවශ්‍ය 13 + පරාජය කිරිමද නොවේ.13 + ජයග්‍රහණය  කිරිමද නොවේ.එහෙත් මේ වන විට ආණ්ඩුවේ ඇතැම් ඊනියා දේශප්‍රේමීන්ද, අපේ රටේ
වම්මුන් යැයි කියා ගන්නා J.V.P  කාරයෝද මෙලහකටවත් කැහැපොට ගහනවා ඇත. එහෙත් එ එකදු ක්‍රියා මර්ගයක්වත් මේ අර්බුධයට විසදුම නොවන්නනේය.
[ ජාතික ප්‍රශ්නය අරඹයා වෙනත් දිගු සාකච්චාවක් ඇරඹිමට අප සූදානම්ය]  කෙසේ වෙතත් ජනතාවගේ දැනුවත් භාවයකින් තොරව ආණ්ඩුව යම් දේශපාලන
විසදුමකට යන්නේ නම් එය උතුර නැගෙනහිර ප්‍රශ්ණයක් පමණක් නොවනු නොවනු ඇත. යාපනය හෝ උතුර අමතක කර පාලකයන්ට තම පාලනය ගෙන යා
හැකි වුවද රටේ ජනතාවට උතුර අමතක කල නොහැක. වත්මන් කඩ ඉම රටට තීරණාත්මක වන්නේ එබැවිනි.

3 comments:

  1. හප්පේ මම හිතුවේ 18+ වගේ එකක් කියලා.....

    ReplyDelete
  2. ඔබත් සමඟ බොහෝ දුරට එකඟයි මිත්‍රයා.මේ ගැන වැඩිදුරටත් අදහස් තියෙනව මෙතැන.වෙලාව තියෙනව නම් කියවා බලන්න.

    http://meeghaya.wordpress.com/2012/01/20/%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%A7-%E0%B6%91%E0%B7%84%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8/#comment-198

    ReplyDelete
  3. දෙමල ජනතාවට තමන් බහුතරයක් වූ ප්‍රෙද්ශ වල ස්වයංපාලනයට තිබෙන අයිතියට විරුද්ධ විය හැකිද?ඉන්දියානු සාධකය මෙතනදි අත පොවන බව ඇත්ත.නමුත් ඉන්දීය සාධකය නැමැති බාහිර සතුරා පෙන්වා දෙමල ජනතාවට එරෙහිව පවතින ජාතික පීඩනය කියන සැබෑ ප්‍රශ්නයෙන් පලා යා නොහැක.ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යය යනු ජාතික පීඩනයේ උච්චතම ප්‍රකාශනයයි.දෙමල ජනයාට ස්වයංපාලන බලතල සහතික කෙරෙන දේශපාලන වෙනසක් සදහා බල කිරීම සැබෑ වාමාංශිකයන්ගේ වගකීම වේ.එම ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය නොගෙන හුදෙක් ඉන්දියාව ගැන කතාකරමින් සිටීම කිසිසේත් දේශපාලනික නොවේ.

    ReplyDelete