Monday, January 16, 2012

නුඹ දන්නවා නම්...

නුඹ දන්නවා නම් පෙම් කරන්න
පෙම් කරනු මැනවි
එකෙකුට නොව
මුළු ලොවටම

නුඹ දන්නවා නම්
යථාර්ථය දකින්න
නුඹේ නොව
මේ මුළු ලෝකයේම.....

නුඹ දන්නවානම්
හිරු සඳු තරු
ලොව වර්ණවත් කරන බව
එළියක් වනු මැන
මුළු ලෝකයටම

පියා සලන්නට නොහැකි නම්
ඉරිසියා නොකරනු මැනවි
ඈත දුර අහස මත
නිදහසේ සැහැල්ලුවෙන්
පියාඹන විහඟ කැළට
එවිට පෙම් කරාවි
මුළු ලොවම ඔබට
යළි යළිත්.....

3 comments:

  1. මොනවද හප්පා මේ අකුරු ....

    ReplyDelete
  2. පේන්නෙ නෑ..තේරෙන්නෙනෑ කුනුහබ්බද මන්ද...

    ReplyDelete
  3. අද දවල් බලද්දීනම් අකුරුවල ගැටලුවක් තිබුනා.නමුත් දැන් අවුලක් නැහැ.දිගටම ලියන්න අපි බලනව..

    ReplyDelete